Rooting ගැන ඇත්ත දැනගමු. (Part 01.)




අද ඔයාලට කියන්න යන්නේ මොකක්ද මේ Mobile Phones Root කරනවා කියන එක ගැන. සමහර අය මේක වැරදියට දකිනවා. සමහර අය හොදයි කියනවා. මේ වෙලාවට ඔයාලට ප්‍රශ්ණයක් වෙන්න පුළුවන් මොකක්ද මේ කියන කතාව කියල. එහෙනම් අපි බලමු මේ හොද නරක කියන Root ගැන තියන ඇත්ත කතාව.

Root කරනවා කියන්නේ මොකක්ද කියල ඉස්සල්ලම අපි බලමු. අපි පාවිච්චි කරන  Android Mobile එකේ මුළු System එකෙන් ඔයාට පෙන්න තියන ඒ වගේම ඔයාට පාවිච්චි කරන්න තියන ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 30% - 35% වගේ ප්‍රමාණයක් තමා. ඉතුරු 70% ප්‍රමාණය Android System එක විදිහට තමා තියෙන්නේ. ඔයාලට කිසිම විදිහකින් ඔයාලට අයත් නැති 70% ප්‍රමාණය පාවිච්චි කරන්න දෙන්නේ නෑ. හරියටම කිව්වොත් ඔයාලට මුළු System එකේ ඔයාලට පෙන්නන ප්‍රමාණයෙන් පස්සේ ලොකු බිත්තියක් තියනවා වගේ. එතනින් එහා වෙන දේවල් දකින්න වෙනස් කරන්න ඔයාලට කොහෙත්ම අවස්ථාවක් දෙන්නේ නැ. මේ Root වලින් කරන දේ ගැන සරලවම කිව්වොත් ඒ බිත්තියට පොඩි දොරක් දාල අපිට Access කරන්න දෙන්නේ නැති ඉතුරු ටිකත් අපිට ඕන විදිහට පාවිච්චියට ගන්න පුළුවන් විදිහට මුළු System එකම අපේ වෙන එකයි.

ඔයාල දන්නා දෙයක් තමයි Root කලාම අදාල දුරකතනයට වගකීම එම දුරකථන නිෂ්පාදන ආයතනය මගින් අහෝසි කරන එක. මෙන්න මේකෙන් තමයි ඔයල Root කරනවද නැද්ද හොදද නරකද කියල හිතන්න සිද්දවෙන තැන. මෙන්න මේ දේ නිසා හුගක් අය දුරකථනය Root කලාම කැඩිලා යනවා. ඒ වගේම එක Phone එකට හොද නෑ වගේ දේවල් කියන්න ගන්නේ. ඇත්තටම අදාල නිෂ්පාදන සමාගමෙන් Root කරපු දුරකථන වලට වගකීම අහෝසි කරන එක හේතුවක් තියනවා. එක තමයි ඔයාල වැඩි දැනුමක් නැතුව ඔයාල Root කරලා ඊට පස්සේ ඔයාල එකේ තියන System Files වැරදි විදිහට  වෙනසක් සිදු කලොත් ඒ මොහොතේම එම දුරකතනයේ  Software එකට හානි වෙන්න තියන ඉඩ 98% වගේ කියන්න පුළුවන්. ඉතින් මේ සමාගම් වලින් වගකීම අහෝසි කරන එක හේතුවක් තමයි එහෙම Software Damage කරගෙන එන එන සැරයක් ගානේ ඒවාට Software ගහන්න සිද්ද උනොත් මං හිතන විදිහට ඒ සමාගමට වෙන වැඩක් නැති වෙන්න පුළුවන්. අන්න එකයි දුරකථන නිෂ්පාදන සමගමෙන් වගකීම අහෝසි කරන්නේ.

Root කලාම ඔයාලගේ දුරකතනයට හානියක් වෙනවද?. මේකත් ගොඩක් අයට තියන ප්‍රශ්ණයක්. අපි ඉස්සල්ල කිව්වා වගේ System Files වෙනස් කරන්න පහසුකම අපිට ලැබෙන නිසා මොන හේතුවකට හරි ඒවාට Damage වෙන ඉඩකඩ වැඩි. එත් කවදාවත්ම ඔයාගේ දුරකතනයට මේ Root නිසා කිසිම හානියක් වෙන්න නැ කියල අපි වගකීමක් ඇතුව කියන්නව. එත් මගේ අදහසනම් Company Worenty තවමත් තියන දුරකථන Root කරන්න එපා කියලයි. මොකද වෙන අවුලක් ගියත් ඔයාගේ දුරකතනයේ ඔයාලට Worrenty ගන්න බැරි වෙන නිසයි.

දැන් බලමු අපි මේ Root වලින් හම්බෙන වැසි ගැන. විශේෂයෙන් මේ ටිකක් පරණ දුරකථන වලට අලුත් System Updates එන්නේ නැ. ඒ කියන්නේ Lolipop වගේ ඒවාට කලින් අපු දුරකථන වලට අලුතෙන් එන Nougat වගේ Updates එන්නේ නැ. ඔයාලට මේ Root මගින් හම්බෙන දෙයක් විදිහට එහෙම updates අවේ නැතත් ඔයාලට updates කිරීමට හැකියාව ලැබෙනවා. තව ඒ වගේ ගොඩක් දේවල් හිතාගන්න බැරි විදිහට කරගන්න පුළුවන්. කරදරකාර Apps අයින් කරන්න, තව ඔයාගේ Camera Sounds වගේ කරදරයිනම් අයින් කරගන්න. ඔයාලට ඕන ඕන විදිහට වෙනස්කම් ගොඩක් කරන්න පුළුවන්කම මේ Root මගින් ලැබෙනවා.


ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති Root කියන්නේ මොකක්ද එකේන ඇත්තටම වෙන්නේ මොනවද කියලා. ලගදීම Root හරියටම කරන විදිහ ගැන ඊලග කොටසෙන් ඔයාලට කියන්න අපි බලාපොරොත්තු වෙනවා. තව root කරලා කරන්න පුළුවන් එක එක වැඩ ගැනත් ඉස්සරහට අපි කතා කරමු. ජය වේවා!!!.

Comments

Popular posts from this blog

mobile Phone එකේ බැටරි ආයු කාලය රැකගන්න ක්රේමය.

ඔයාලගෙ Business එක ලියාපදින්චියට ලේසිම ක්‍රමයක්.(Privet Limiter/ Sole Proprietorship)

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?