mobile Phone එකේ බැටරි ආයු කාලය රැකගන්න ක්රේමය.


ඔයාලගේ දුරකතනයේ තියෙන බැටරි එකේ ආයු කාලය රැකගන්න ඔයාල එක එක දේවල් කරනවා ඇති. සමහර විට Play Store එකෙන් එක එක විදිහේ Apps භාවිත කරනවා ඇති. එත් සාමාන්යෙන් ටික කාලයක් ගියහම ඔයාගේ බැටරි එකේ අල්ලලා හිටින කාලේ අඩු වෙනවා. සාමාන්යෙන් කොහොමත් කාලෙත් එක්ක මේ දේ වෙනවමයි. එතකොට අපි කරන්නේ බැටරි එක මාරු කරලා අලුත්ම එකක් දාගන්න එකයි. ඔයාල කැමති ඇති ඔයාලගේ බැටරි එක වැඩි කාලයක් පාවිච්චි කරන්න. එක ඔයාලගේ සාක්කුවටත් හොදයිනේ. සිංහලෙන්ම කිව්වොත් බැටරි එකට හොදට සලකන්නේ කොහොමද කියලයි අද ඔයාලට කියන්න යන්නේ. අලුතෙන් එන දුරකථන වලට එන්නේ Lithium Lon බැටරි තම හුගක්ම. ඒවගේ ආයු කාලය අනිත් බැටරි වලට සාපේක්ෂව ඉහල උනත් ඔයාල හරි විධිහට පාවිච්චි නොකලොත් ඒ බැටරි එකත් වැඩි කාලයක් නොයා මාරු කරන්න වෙන එක සාමාන්‍ය දෙයක්. ඔයාලට හුගක් අලුත් බැටරි එකක් කඩෙන් ගත්තම කියන දෙයක් තමයි බැටරි එක පැය6ක් වගේ Charge එකට දාන්න කියන එක. ඔයාල ඒ දේ කලත් ඊට පස්සේ බැටරි එකට සලකන්න ඕන විදිහ ගැන හිතනවද?. අපි බලමු හරියට බැටරි එකට සලකන විදිහ.
සාමාන්යෙන් ඔයාලගේ දුරකථනය දවසට දෙකකට වගේ සැරයක් Charge එකට දානවා. ඔයාල හිතනවද ඔයාගේ දුරකතය charge එකට දාන විදිහ ගැන. මුලින්ම ඔයාල ඔයාගේ දුරකතනයට ගැලපෙනම charger තෝරාගන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ දුරකතනයට එන Original Charger එක යොදාගන්න බලන්න. එකෙන් ඔයාගේ බැටරියට ගැලපෙනම Voltage එකට අනුව charge කිරීමට හැකි වෙනවා. තව ඔයා සතියකට සැරයක්වත් අඩුම ඔයාගේ දුරකතනයේ බැටරිය 0% වෙලා Off වෙන්නම දීල charge එකට දාන්න. හබි අ charge කරන අතරතුර ඒ දුරකතනයෙන් කිසිම වැඩක් ගන්න එපා. සාමාන්‍ය විදිහට ඔය එද්නේදා charge කරනකොට අඩුම බැටරිය 20% දක්වාවත් අඩු වෙනකන් තියන්න. මොකද මේ බැටරි වලට තියෙන්නේ ආයු කාලය ගණනය වෙන Life Cycle ගණනක්. ඔය 50% වගේ තියනකොට charge කරලා පාවිච්චි කලාම ඔයාගේ බැටරියේ Life Cycle එකෙන් එකක් වැයවෙලා. ඒ කියන්නේ ඔයාට තව කාලයක් පාවිච්චි කරන එක ඔයාගෙන් නැති වෙලා. ඒ වගේම Over charge වෙන්න දෙන්නේ නැති වෙන්නත් ඔයාල වග බලාගන්න ඕන. ඔයාගේ දුරකතනයේ 97%- 100% අතර වගේ charge උනාම දුරකථනය charge එකෙන් ගලවගන්න උත්සහ කරන්න. මේ දේවල් ටික හරියට කලානම් ඔයාගේදුරකතනයේ ආයු කාලය තරමක් ඉහල නන්වගන්න පුළුවන්.

Comments

Popular posts from this blog

ඔයාලගෙ Business එක ලියාපදින්චියට ලේසිම ක්‍රමයක්.(Privet Limiter/ Sole Proprietorship)

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?